යසීර් ෂා ගෙන් වාර්තාවක්

Share

පාකිස්තානු පා දඟ පන්දු යවන ක්‍රීඩක යසීර් ෂා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 200 ලබාගැනීමේ වාර්තාව තමන් සතුකර ගැනීමට අද (06) සමත් වී අැත.

ඒ පාකිස්ථානය හා නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වන හා අවසන් ටෙස්ට් තරඟය අතරතුරයි.

යසීර් ෂා මෙම දස්කම පෑමට සමත් වූයේ ඔහු මුහුණ දුන් 33වන ටෙස්ට් තරඟයේදී වන අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ තවත් පා දඟපන්දු වන්නෙකු වූ ක්ලැරි ගිමට් විසිනි.

මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානය ඉන්දියානු දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අෂ්වින්ට හිමිව ඇත.

Read more

Local News