චීන සිගරැට් එක්ක චීන 3ක් දැලේ

Share

චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශිකයින් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (06) රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතික කාන්තාවක හා පිරිමි දෙදෙනකි.

ඊයේ රාත්‍රී 11.55 ට හොංකොං සිට පැමිණි‍ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සැකකරුවන් ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යද්දී රේගු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ රුපියල් තිස් හතර ලක්ෂ අනූ අට දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි 63,600 ක් තිබී ඇත.

Read more

Local News