බඩඉරිඟු ආනයනය අවම කිරීමට පියවර

Share

ලබන වසරේදී ආනයනය කෙරෙන බඩඉරිඟු ප්‍රමාණය සියයට 50කින් අවම කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙවර මහකන්න තුළ වගා කර තිබෙන බඩඉරිඟු ප්‍රමාණය පසුගිය කන්නට සාපේක්ෂව ලක්ෂයකින් පමණ ඉහළ ගොස් ඇති බැවින් මෙම පියවර ගත් බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වසර සඳහා ආනයනය කර ඇති බඩඉරිගු ප්‍රමාණය මෙක්ට්‍රික්ටොන් 80,000කට ආසන්න බව සඳහන්ය.

Read more

Local News