ගලේවෙල බස්-කන්ටේනර් අනතුරකින් 3කට තුවාල

Share

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සහ විදේශීය ළූණු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ගලේවෙල පොලීසිය පවසයි.

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදී අද(08) සිදු වු මෙම අනතුරන් කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලකට කඩාවැදී අැත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ බස් රථයේ රියැදුරු සහ මගීන් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.

පොලීසිය සඳහන් කළේ, බස් රථය අධික වේගයෙන් පැමිණීමත් නිසා පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාර්ගය ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

රථ දෙකේ රියදුරන් අත්අඩංගුවට ගෙන අැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News