රනිල් විශ්වාස නැති බව බිමල් කියයි

Share

රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකරමින් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත යෝජනාවට සහය නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදිය.

රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකරමින් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත යෝජනාව, යෝජනාව ගෙනඑන්නන්ගේ ක්‍රියාවක් වන බවත් අගමැති පොරයට සහ ආණ්ඩු සාදන ක්‍රියාවලට සම්බන්ධ නොවන බවත් ඔහු පැවසීය.

තවදුරටත් විශ්වාසයක්ද නොමැති වීම නිසා විශ්වාසයද ඒ සඳහා පළ නොකරන බව මාධ්‍යවේදියෙකු ඇසු පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

Read more

Local News