2018 ලෝක රූ රැජින මෙක්සිකෝවෙන්

Share

මෙවර ලෝක රූ රැජින ලෙස කිරුළ පැලදුවේ මෙක්සිකෝ රූ රැජිනයි.

චීනයේ හයිනෑන් දිවයිනේ සන්‍යා හිදී ඊයේ (08) මෙවර ලෝක රූ රැජින තරගය පැවැත්විය.

වැනෙසා පොන්ස් ඩි ලියොන් නැමති 26 හැවිරිදි ඇය ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපාධිධාරිනියක් මෙන්ම ස්වේච්ඡා සේවිකාවක්ද ලෙස කටයුතු කරන බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවර ලෝක රූ රැජින තරගාවලියේ අනුශූරතාව තායිලන්ත රූ රැජිනට හිමිවූ අතර, තුන්වන තැන දිනාගත්තේ බෙලරූස් ජනරජයේ රූ රැජිනයි.

ජැමෙයිකා සහ උගන්ඩා රූ රැජිනියන් එහි හතරවන සහ පස්වන ස්ථාන දිනාගත්තේය.

බටහිර පොප් සංගීත කණ්ඩායමක සහභාගීත්වයෙන් ඊයේ පැවති වර්ණවත් අවසන් මහ තරගයේදී ජයග්‍රාහිකාවට කිරුළ පැළඳවූයේ පසුගිය වසරේ ලෝක රූ රැජින වූ ඉන්දියාවේ මනුෂි චිල්ලාර් විසිනි.

මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබුවේ සියත ෆේෂියා මිස් වර්ල්ඩ් ශ්‍රි ලංකා 2018 තරඟය ජයග්‍රහණය කළ නාඩියා ජී මෙනවියයි.

Image result for Mexico’s Vanessa Ponce de Leon crowned Miss World

Read more

Local News