YouTube ජාලයේ වැඩිම ආදායම් ලැබූ අවුරුදු 7ක් වයසැති දරුවා මෙන්න

Share

යූටියුබ් ජාලයේ වැඩිම ආදායම් ලැබූ තැනැත්තා සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු 7ක් වයසැති දරුවෙකු බව ෆෝබ්ස් සඟරාව වාර්තා කර තිබේ.

එම දරුවාගේ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 22ක් බවත් එම සඟරාව වාර්තා කරයි.

එමෙන්ම තවත් ප්‍රකට යූටියුබ් තරුවක් වන ජේක් පෝල්ගේ ආදායම අභිභවා යෑමට රයන් නැමැති මෙම දරුවාගේ ‘රයන් ටෝයිස් රිවීව්’ නම් යූටියුබ් නාලිකාව සමත් වී ඇති අතර, ජූනි දක්වා මාස 12ක් ඇතුළත ජේක්ට වඩා ඩොලර් ලක්ෂ පහක ආදායමක් උපයා ගැනීමට රයන් සමත්ව සිටී.

ඔහුගේ යූටියුබ් ජාලය යටතේ සෑම දිනකම පාහේ වීඩියෝ පළ කෙරෙන අතර, බොහෝ අස්ථාවල ඔහුගේ වීඩියෝවල නැරඹුම් වාර සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇත.

එමෙන්ම, බදු සහ නීතීඥ ගාස්තු ගෙවීමෙන් පසු රයන් උපයා ඇති මුදල ෆෝබ්ස් සඟරාව මෙසේ අනාවරණය කර ඇති අතර, එය පසුගිය වසර සමග සැසඳමේදී දෙගුණයක වැඩිවීමක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ වීඩියෝ නැරඹීම ගැන මෙතරම් උනන්දුවක් දක්වන්නේ ඇයිද යන්න ගැන විමසූ විට රයන් පවසා තිබුණේ, කුඩා දරුවන්ට හාස්‍ය රසයක් ඇති කරන ආකාරයෙන් මෙම වීඩියෝ පළ කිරීම තමාගේ සාර්ථකත්වයට හේතුව බවයි.

Read more

Local News