වහාම රට තුළ පවත්නා දේශපාලන අස්ථාවර බව විසඳිය යුතුයි – මහින්ද

Share

ලබන සතිය තුළ රටේ ඇතිවී තිබෙන මේ ගැටලුව විසදිය යුතු බවත්, දිගටම මේ අස්ථාවර තත්ත්වය රට තුල නොතැබිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ආදායම් සහිත ජනතාවට ලබා දීම සදහා  ඉන්දියන් ආධාර යටතේ ලැබුණු පාපැදි අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට බෙදා දීම සදහා ඊයේ බටඅත ප්‍රදේශයේ උත්සවයකට සහභාගි වෙමිනි .

ඒ මහතා වැඩ්දුරටත් අදහස් දක්වමින් ”අද දේශපාලන තත්වය ගැන නස්ත්‍රත්තකාරයොන්ටවත් කියන්න බැහැ හෙට මොකක්ද වෙන්නෙ කියලා. අපිට කියන්නත් බෑ මොකක්ද වෙන්නෙ කියලා. අපි පහුගිය කාලේ ආණ්ඩුවේ හිටියා. නමුත් ඒ ක්‍රියාකලාපයේ තිබුණු ගැටලු නිසා මම සන්ධානයේ ලේකම්වරයා විදයට ලියුමක් දීලා අපි ආණ්ඩුවෙන් ඉවත් වුණා. ඊට පස්සෙ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා විදියට ජනාධීපතිතුමා විසින් පත් කළ බව “ වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News