AT‍M යන්ත්‍රයක් කැඩීමට තැත්කළ දෙදෙනෙක් දැලේ

Share

ඊයේ (08) අලුයම 1.30 ට පමණ වැලිමඩ කැප්පෙටිපොල නගරයේ සවිකර තිබෙන රාජ්‍ය බැංකුවකට අයත් (ATM) ටෙලර් යන්ත්‍රයක් කඩා මුදල් හොරකම් කිරීමට තැත්කළ සැකකරුවන් එහි ආරක්ෂක කැමරාවේ රූගතව වි තිබේ.

මෙම ටෙලර් යන්ත්‍රය කඩා මුදල් ගැනීමට උත්සහ කරන අතරතුර, පොලිසියට සම්බන්ධකරමින් එහි සවිකර ඇති හදිසි අනතුරු සංඥාව නාදවූ බවත් එසැනින් පොලිසිය ක්‍රියාත්මක වී ඇති බවත් වාර්තාවෙයි.

සංඥා නාදයට බිය‍වු සැකකරුවන් පොලිසිය පැමිණිමට පෙර පළායාමට උත්සාහ කළ නමුත්  එක් සැකකරුවෙක් කටර් අඩුවක් සමඟ එදිනම එම ස්ථානයේදී පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

ආරක්ෂක කැමරා දර්ශන උපයෝගි කර ගනිමින් අනෙක් සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කටයුතු කර තිබේ.

Read more

Local News