මන්නාරම් සමූහ මිණිවලෙන් කම්බියකින් බඳින ලද ඇටසැකිල්ලක් හමුවෙයි

Share

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිණිවලේ මේ දක්වා සිදු කරන ලද  කැනීම් කටයුතු වලදී හමු වූ ඇටසැකිලිවලින් 266 වන ඇටසැකිල්ලේ කකුල් වල අස්ථි කිසියම් ලෝහයකින් බැඳ ඇති ආකාරයක් දැක්වෙන අස්ථියක් හමු වි තිබේ.

එම අස්ථිය මන්නාරම් මහෙස්ත්‍රාත් ආර්.සරවනාරාජා මහතාගේ අධික්ෂණය පිණිස අධිකරණය වෙතට යොමු කොට ඇති බවටත් අදාල ලෝහය කුමන ආකාරයක එකක්දැයි හරියටම මෙතෙක් අනාවරණය වී නොමැති බවටද කැනීම් සිදු කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ මෙම කැනිම් කටයුතු තුලින් දැනට මිනිස් ඇටසැකිලි සිරුරු 266 ක් හමුවි තිබෙන බවයි.

Read more

Local News