මස් අල්ලද්දී අවි අහුවුනු සිද්ධියේ ව්‍යාපාරිකයා උසාවි

Share

ගිනිඅවි සහ ජීව උණ්ඩ තොගයක් සමග ඊයේ (09) අත්අඩංගුවට ගත් මැනික් ව්‍යාපාරිකයා සහ අනෙක් පුද්ගලයා අද (10)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

මෙම මැනික් ව්‍යාපාරිකයා සහ තවත් පුද්ගලයකු ඝාතනය කරන ලද ගෝනකුගේ මස්ද රැගෙන සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණෙන විට පොලිසියට ලද ඔත්තුවකට අනුව සෝදිසි කර ඇති අතර පසුව කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ මෙම ගිනි අවි ගැන තොරතුරු හෙළි කරගෙන ඇත.

මේ අනුව ව්‍යාපාරිකයාගේ බේරුවල- පතතෙකඩේ දෙමහල් නිවස සෝදිසි කිරීමේදී එහි ගබඩා කර තිබුණු ගිනි අවි 13ක් සහ ජීව උණ්ඩ 906ක් සොයාගෙන තිබුණු අතර ඒ කිසිවක් සඳහා බලපත්‍ර තිබී නොමැත.

ගිනි අවි අතර තිබුණු ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගන්නා මිනිඋෂි වර්ගයේ ගිනි අවිය සහ වැටලීමේදී සොයා ගත් මත්කුඩු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර පරීක්ෂණ මෙහෙයවන බව පොලිසිය කියයි.

මෙතෙක් කළ පරීක්ෂණ වලදී සැකකාර ව්‍යාපාරිකයා ගිනි අවි ළඟ තබා ගැනීමට හේතුව නිෂ්චිතව හෙළි වී නොමැති අතර සැකකරුවන් රඳවා තබා ගනිමින් වැඩි දුරටත් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

Read more

Local News