බස්-ත්‍රීරෝද අනතුරකින් 2ක් මරුට

Share

ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම ප්‍රදේශයේ දී අද(10) අලුයම පෞද්ගලික බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් වු අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු මියගොස් ඇති බව අහංගම පොලිසිය පවසයි.

පෞද්ගලික බස් රථය මාතර සිට පොළොන්නරුව බලා ධාවනය වෙමින් තිබි ඇති අතර ත්‍රීරෝද රථය අහංගම දෙසට ධාවනය වෙමින් තිබියදී බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ අහංගම හා මැලියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක් 18 ක් වන තරුණයින් දෙදෙනෙකි.

Read more

Local News