මුලතිව් හී විරෝධතා පෝස්ටර් අලවලා

Share

මෙරට සිදු වන සියලුම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට විරෝධය පා මුලතිව් දිස්ත්‍රික්කය පුරා පෝස්ටර් අලවා ඇතැයි වාර්තා වේ.

උතුරු හා නැගෙනහිර පළාත්වල ජීව්තවන ජනතාව මේ වන විට අත් විඳිනු ලබන නිදහස අහිමි නොකරන ලෙස මෙම පෝස්ටර්වල සඳහාන්ව ඇත.

මේ වන විට පවත්නා සාමකාමී වටපිටාවත් සමග අපේ ජනතාව නිදහසේ හුස්ම ගන්නා බවත් එම තත්ත්වය අහිමි කිරීමට කිසිවකුත් උත්සහා දරන්නේ නම් ඊට එරෙහි විය යුතු බවත් මෙම පෝස්ටර් වල වැඩි දුරටත් සඳහාන්ව තිබී ඇත.

Read more

Local News