රොනාල්ඩෝ මෙසීට අභියෝග කරයි

Share

හැකිනම් ඉතාලියට පැමිණ ලීග් පාපන්දු තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලෙස සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බාසිලෝනා කණ්ඩායමේ ලියොනාල් මෙසී වෙත අභියෝග කර තිබේ.

පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩේ ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් කණ්ඩායමෙන් ඉවත්ව ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට එක්විය.

මෙසී ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියි. බාසිලෝනා මෙන්ම රියල් මැඩ්රිඩ් කණ්ඩායම් ස්පාඤ්ඤ ලා ලීග තරගාවලියේ ප්‍රධාන කණ්ඩායම් දෙකකි.

“ එක දිනයක ඔහු ඉතාලියට එනවානම් මම කැමතියි. මම බලාපොරොත්තුවෙනවා මම වගේම ඔහුත් ඒ අභියෝගය භාර ගනීවි කියලා. නමුත් ඔහු එහි (බාසිලෝනා) ඉන්නේ සතුටින් නම් මම ඒකට ගෞරව කරනවා.

මම පෘතුගාලයට, එංගලන්තයට, ස්පාඤ්ඤයට හා ඉතාලියට ක්‍රීඩා කළා. නමුත් ඔහු තවමත් ඉන්නේ ස්පාඤ්ඤයේ. ඔහු හොඳ ක්‍රිඩකයෙක්. ”

Read more

Local News