වතු කම්කරුවන් අදත් වර්ජනයේ

Share

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු කම්කරුවන් 8 වන දිනටත් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සහයෝගය දක්වා අද (11) දින වතුකරයේ ප්‍රධාන නගර කිහිපයකම වතු සමාගම්වලට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වු බව අප වාර්තාකරු පැවසීය.

ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට ඊයේ (10)සිට සහයෝගය දක්වන ජාතික කම්කරු සංගමය හා කම්කරු ජාතික පෙරමුණේ ආධාරකරුවන් අද මස්කෙලිය, දික්ඔය පුලියාවත්ත සහ හැටන් කොටගල යන නගර වල වතු සමාගම්වලට එරෙහිව උද්ඝෝෂන ව්‍යාපාර පැවැත් වුවා.

උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් කියා සිටින්නේ වතු හාම්පුතුන්ගේ සංගමය සමඟ සාකච්ඡා පවත්වන වතු එකාබද්ධ වෘත්තිය සමිති නායකයින් අනිවාර්යයයෙන් වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා ඉහළ දැමිමට කටයුතු කල යුතු බවයි.

වතු හාම්පුතුන්ගේ සංගමය වතු කම්කරුවෙකුට දැනට දිනකට ගෙවන රු 530 මුලික වැටුප රු 600 දක්වා ඉහළ දමා දැනට පැමිණමේ දිමනාව වශයෙන් ගෙවන රු 60 මුදල රු 140 දක්වා වැඩි කර වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රු 1012 දක්වා ඉහළ දැමිය හැකි බවයි.

එම යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති මගින් ප්‍රතික්ෂේප කර ඇත.

Read more

Local News