තිඹිරිපල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ රන්වැට විවෘත කරයි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙහිඕවිට, තිඹිරිපල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අභිනව රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (23) පස්වරුවේ එක්විය.
තිඹිරිපල අභිනවාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා අනතුරුව අභිනව අන්වැට නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය නිරාවණය කරනු ලැබීය.
සීතාවක ගඟ නියමු මැණික් ව්‍යාපෘතියේ ප්‍රතිලාභ බෙදාදීමේ තුන්වන අදියර සංකේතවත් කරමින් දසදෙනෙකුට ප්‍රතිලාභ බෙදාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.
සමෘද්ධිලාභීන්, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්, උසස් අධ්‍යාපනය ලබන දරුවන් මෙන්ම ආගමික ස්ථාන සඳහා රුපියල් එක්කෝටි හතළිස් හත්දහසක මුදලක් බෙදාදීම ද සිදුකෙරිණි.

Read more

Local News