කතරගම තවත් රූමතියක් කෙලසලා

Share

ඓතිහාසික කතරගම පුරවරයට සුන්දරත්වය කැන්දු කතරගම දෙටගමු වැව දැඩි පරිසර හානියකට ලක්ව ඇත.

කුඹුරු අක්කර 200කට අධික ප්‍රමාණයකට ජලය සැපයෙන දෙටගමු වැව කතරගම නගරයේ සුන්දරත්වයේ සංඛේතයක්ව පැවැතුනි.

මේ වන විට වැව තුළ ජපන් ජබර පිරී පවතින අතර වැව අවට ප්ලාස්ටික් ද්‍රව්‍ය, පොලිතින්වලින් අපවිත්‍ර වී ඇති අතර ඇතැම් පුද්ගලයින් වැව් රක්ෂිතය අල්ලා ගෙන ඉඩම් ගොඩකර ඇති ආකාර දැක ගත හැකිය.

දෙටගමු වැව ආරක්ෂාකර ගැනීමට ගොවි සංවිධාන හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සැලකිලිමත් නොවීම ගැන කතරගම වන්දනාකරුවන්ගේ දැඩි දෝශ දර්ශනයට ලක් වී ඇත.

Read more

Local News