වතු කම්කරුවන් වැඩ අරඹයි – වර්ජනය අවසන්

Share

අද (12) වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා දින 8 ක් පුරා වතු කම්කරුන් ආරම්භ කර තිබු වැඩ වර්ජන වෘත්තිය සමිති ක්‍රියාමර්ගය උදැසන සිට අවසන් කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ඊයේ (11) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යයාලයේ පැවති  සාකච්ඡාවේදි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමඟ ලබන 19 වෙනි දින සාකච්ඡා කර වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවයි.

වැඩ වර්ජනය හේතුවෙන් තේ කර්මාන්තය ආර්ථිකයට සිදු වෙමින් පවතින පාඩුව නිසා වැඩ වර්ජනය අවසන් කරන ලෙස ජනාධිපතිවරයා කල ඉල්ලිමක් හේතුවෙන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හරින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තෝණ්ඩමන් මහතා පැවසීය.

මෙම සාකච්ඡාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ නායකයින් හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාද සහභාගි වි ඇත.

මෙම වර්ජනය දින 08ක් පුරා පැවතිනි.

Read more

Local News