රනිල්ට සහය දෙන යෝජනාව සමග පාර්ලිමේන්තුව අද 1ට

Share

අද (12) පස්වරු 01.00ට පාර්ලිමේන්තුව රැස්විමට නියමිතව ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වන යෝජනාවක් අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම්, මංගල සමරවීර සහ රිෂාඩ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 දෙවැනි ව්‍යවස්ථාවට අනුව ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම්දීම සදහා වු යෝජනාවක් ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බව වර්තා වේ

අද දිනයේ ද මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය වසා තැබෙන අතර මාධ්‍යවේදීන්ට පමණක් එය විවෘතව පවතියි.

Read more

Local News