ප්‍රවීණ ගායක උපාලි කන්නන්ගර දිවියෙන් සමුගනී

Share

ප්‍රවීණ ගායන සහ වාදන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මීට සුළු මොහොතකට පෙර කොළඹ පෞද්ගලික රෝහලකදි ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා පැවසීය.

හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් උපාලි කන්නන්ගර මහතා මීට දින කිහිපයකට පෙර රෝහල්ගත කර ඇති අතර මියයන විට 67 වන වියේ පසුවූ උපාලි කන්නන්ගර මහතා වාදන ශිල්පියෙකු ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසුණු අතර ඉන්පසු ගායන ශිල්පියෙකු ලෙස ප්‍රේක්ෂකයින් අතර වඩාත් ප්‍රචලිත විය.

දුම්බර මිටියාවත පැත්තේ, පාරට කිට්ටුව, ඉවසිල්ලක් නෑ දකින තුරා, මගේ ආදර රත්තරනේ, ගෙලේ රන් මාල දා හැඩ වී, ඒ මහතා ගායනා කළ ගීත අතරින් කිහිපයකි.

Read more

Local News