වේගෙන් අා ලොරිය පෙරළී 2කට තුවාල

Share

යාපනයේ පලෙයි හන්දියේදී  අද(12) දා උදෑසන ලොරියක් පෙරළීමෙන් රියදුරු හා රිය සහායකයා තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

භාණ්ඩ තොගයක් පටවා ගෙන කොළඹ සිට යාපනය දක්වා පැමිණි මෙම ලොරියේ රියදුරුට නින්දයාමත් අධික වේගයෙන් ධාවනය කිරීමත් නිසා ලොරිය පෙරළී ගොස් ඇති බව පලෙයි පොලීසිය පවසයි.

තුවාල ලබා ඇති දෙදෙනාගෙන් ලොරි රියදුරාගේ තත්ත්වය තරමක් බරපතල වන බවයි සඳහන් වන්නේ.

මෙම අනතුර සම්බන්ධයෙන් පලෙයි පොලීසිය වැඩීදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Read more

Local News