වසරේ හොඳම පුද්ගලයන් අතරට කශෝජි ද එක්වෙයි

Share

වසරේ හොඳම පුද්ගලයා ලෙස ‘ටයිම්’ සඟරාව මාධ්‍යවේදීන් සිවු දෙනකු නම් කර තිබේ.

ඒ අතර ඝාතනයට ලක්වුණු සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝජි ද සිටීන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජමාල් කශොග්ජී ඇමෙරිකන් පුරවැසියකු මෙන්ම සෞදි මාධ්‍යවේදියෙකි. මොහු වොෂින්ටන් පෝස්ට් පුවත්පතට තීරු ලිපි රචකයකු ලෙස කටයුතු කළේය.

මාධ්‍යවේදියකු ලෙස කශෝජී සෞදි රජය සහ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කළේය.

පසුගිය ඔක්තෝබර් මස 2 වන දින, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී කශෝජී ඝාතනයට ලක් වූයේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුරුන්ගේ අණ පරිදි යැයි චෝදනා ලැබ සිටී.

වසරේ හොඳම මාධ්‍යවේදීන් සිවුදෙනා අතර සිටින අනෙක් මාධ්‍යවේදීන් තිදෙනා වන්නේ මියන්මාර් මාධ්‍යවේදීන් වා ලියොන් සහ ක්යාව් සෝ ඕ සහ පිලිපීන මාධ්‍යවේදිනී මාරීයා රේසාය.

වා ලියොන් සහ ක්යාව් සෝ ඕ මියන්මාර රජය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, රොහින්ග්‍යා මුස්ලිම්වරුන් සම්බවන්ධ අර්බුදයේ දී මියන්මාර රජයට සහ හමුදාවට ද්‍රෝහී වෙමින් පුවත් වාර්තා කිරීමේ චෝදනා සම්බන්ධයෙනි.

පිලිපීන මාධ්‍යවේදිනී මරියා රේසා ද මේ වනවිට රාජ්‍ය ද්‍රෝහියකු යැයි චෝදනා ලැබ සිටී. ඇයට එරෙහි නඩු විභාගයක් පැවැත්වෙයි.

ඒ මූල්‍ය අකටයුතුකම් සම්බන්ධයෙනි. ඇය මෙසේ වරදකාරිය කිරීමට පිලිපීන රජය උත්සාහ ගන්නේ, ඇය ජනතාවට සත්‍ය හෙළි කිරීමට ගත් උත්සාහය නිසා යැයි ටයිම් සඟරාව පැහැදිලි කරයි.

එපමණක් නොව, ඇමෙරිකාවේ මේරිලන්ඞ් ජනපදයේ ඇනාපොලිස් ප්‍රාන්තයේ ‘කැපිටල් ගැසට්’ පුවත්පත ද වසරේ හොඳම පෙනෙන පුවත්පතක් ලෙස නම් කිරීමට ‘ටයිම්’ සඟරාව කටයුතු කර තිබේ.

Read more

Local News