මහින්ද අගමැති කිරිම නිසා සිදුනොවූ දෙයක් ගැන බන්ධුල කියයි

Share

යහපාලන ආණ්ඩුවට රට භාරදෙන විට ඩොලරයකට ගෙවිය යුතුව තිබුණේ රුපියල් 131ක මුදලක් පමණක් බවත්, එහෙත් යහපාලන ආණ්ඩුවෙන් රට නැවත භාරගන්නා විට එම මුදල රුපියල් 177 දක්වා ඉහළ ගොස් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අද (12) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

ඒ මහතා වැඩ්දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිබියදී රුපියල මස්තබාල්දු වීම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නිසා සිදු වූ දෙයක් බවට ප්‍රකාශ කිරීම නිවැරදි නොවන බවද පැවසීය.

තවද මහින්ද රාජපක්ෂ යුගයේදී විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2ක් වූ බවත්, එහෙත් ගෙවීගිය වසර තුන තුළදීම එම අගය පහළගිය බවත් ඇතැම් අවස්ථාවලදී විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 06 දක්වා පහත වැටුණු බවත්, එසේ තිබියදී මහින්ද රාජපක්ෂ ආර්ථිකය විනාශ කළ බවට සඳහන් කරන ප්‍රකාශ නිවැරදි නොවන බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු කරන සමයේදී ආර්ථිකය විනාශ වූ  බවත්, එය ඔප්පුකර පෙන්වීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

Read more

Local News