13 හැවිරිදි පෙම්වතියට අතවර කරන්න ගිය 48 හැවිරිදි කොස්තාපල් රිමාන්ඩ්

Share

 

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ මහනුවර වත්තේ ගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු පියෙකි.

13 හැවිරිදි දැරිය සමග සැකකරු දිගුකලක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර පසු ගිය මාසයේ දිනක දැරිය දඹුල්ල ප්‍රදේශයේ ලැඟුම් හලකට රවටාගෙන ගොස් ලිංගික අතවර කිරීමට තැත් කර ඇත.

දැරිය මේ සම්බන්ධයෙන් තම ගුරුවරියකට පවසා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හා ළමා කාර්යාංශයට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඊයේ (11) සැකකාර කොස්තාපල් වරයා පොලිසියට පැමිණ බාර වී ඇත.

සැකකරු දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read more

Local News