කථානායක නිසා ආණ්ඩුව අකර්මන්‍ය වූ බව වාසු කියයි

Share

කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලය අභියෝගයට ලක්කිරීමට යෑම හේතුවෙන් ජනාධිපතිවරයා පත්කළ ආණ්ඩුව අකර්මන්‍ය වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතලවලට අභියෝග කිරීමට කථානායකවරයාට අයිතියක් නොමැති බවත්, ඔහු එසේ කිරීමෙන් අභියෝග කරන්නේ ව්‍යවස්ථාවට බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

කථානායකවරයාගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණය හෙළි වූ බවත්, මීට අමතරව ඔහු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෙකු ලෙස වැඩකරන බවට තහවුරු වූ බවත් මන්ත්‍රිවරයා පැවසීය.

Read more

Local News