ජනපතිට රන් සම්මානයක්

Share

තුන්වැනි වතාවටත් රාජ්‍ය දැව සංස්ථාව රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රාජ්‍ය නිෂ්පාදන අංශය වෙනුවෙන් පිදෙන රන් සම්මානය මෙවර ද රාජ්‍ය දැව සංස්ථාව විසින් දිනාගත්තේය.

විෂයභාර අමාත්‍යවරයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එම සම්මානය ඉදිරිපත් කිරීම අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. මෙහිදී සංස්ථාවේ කාර්යභාරය ජනාධිපතිවරයාගේ ඇගැයීමට ලක් විය.

Read more

Local News