ජයසිරි ජනපතිගෙන් සම්මාන එපා කියයි

Share

ප්‍රවීණ කලාකරු ඩබ්. ජයසිරි මහතා සිය ෆේස්බුක් පිටුවේ පණිවිඩයක 2018 කලාභූෂණ සම්මාන උළලේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති බැවින් එම උත්සවයට එක්නොවන බව සටහන් කර තිබේ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල එළඹෙන 15 දා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීය.

තමන් එම උත්සවයට එක්නොවන බව ඩ්බ්ලිව් ජයසිරි මහතා සිය ‌ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.

Read more

Local News