දේශපාලන අර්බුදය නිසා නුවරඑළියේ බීම වැඩිවේ

Share

උද්ගතව ඇති දේශපාලන අර්බුධය හමුවේ නුවරඑළියේ මත්පැන් අලෙවිය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

ඉතා ඉක්මන් දිනකදී පැවැත්වේ යැයි අදහස් කරන මැතිවරණයකදී තරග කිරීමට අපේක්ෂාවෙන් සිටින ඇතැම් වතු වෘත්තීය සමිති හා පුද්ගලයින් විශාල වශයෙන් වතුකරයේ මුදල් විසි කිරීමට පටන් ගෙන ඇති බැවින් සෑම දිනකම සවස් කාලයේ මත් පැන් පානය කරන පිරිස් වැඩි වී ඇත.

මේ වන විට බලපත් ලාභී මත්පැන් හල් ද නීති කඩ කරමින් මත්පැන් බෝතල් කඩා මත් පැන් සිල්ලරට විකිනීමට පටන් ගෙන ඇති බවද නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

Read more

Local News