මින් පසු ඉරිදා හා පෝය දකුණේ උපකාරක පන්ති බෑ

Share

 

ඉරිදා දිනයන්හිදී හා පෝය දිනයන්හිදී පෞද්ගලික උපකාරක පන්ති තහනම් කිරීමට දකුණු පාළාත් සභාවට ගෙන ආ යෝජනාව ඒක මතිකව සම්මත වී ඇත.

අදාල යෝජනාව පසුගිය 27 වැනිද දකුණු පළාත් සභාවට සභා නායක චම්ලි විතනාච්චි මහතා විසින් ඉදිරිපත් කළේය.

මෙහි පළමු පියවර ලෙස දකුණු පළාත තුළ සෑම පොහෝ දිනකම සහ ඉරිදා දිනකම මධ්‍යාහන 12 තෙක් පෞද්ගලික උපකාරක පන්ති තහනම් කිරීමට යෝජනා වූ අතර

යෝජනාවට සංශෝධන එක් කරමින් මන්ත්‍රී වීරසුමන වීරසිංහ විසින් ස්ථිර කරන ලදී.

ඒ අනුව ඉරිදා දිනයන්හි දකුණු පළාත තුළ උදෑසන සිට පස්වරු 2 දක්වා පළමු ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා උපකාරක පන්ති පැවැත්වීම තහනම් අතර පෝය දිනයන්හි සියලුම පෞද්ගලික පන්ති, මැහුම් පන්ති, උසස් පෙළ පන්ති හා නීති පන්ති පැවැත් වීම තහනම් කර ඇත.

යෝජනාව ඉදිරිිපත් කරන අවස්තාවේදී පළාත් සභාවේ මහජන ගැලරියට ස්වාමීන්වහන්සේලා විශාල පිරිසක් ද වැඩම කර තිබුණි.

Read more

Local News