යාපනය වෙරළ තිරය සංරක්ෂණය කිරීම – හමුදා සහායෙන්

Share

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය, යාපනය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ 306 බී2 සිංහ සමාජයේ  සම්බන්ධිකරණයෙන් යාපනය වෙරළ තිරය සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් මයිලඩි ධීවර වරාය ප්‍රදේශයේ දී පවත්වනු ලැබීය.

යාපනය වෙරළ සංරක්ෂණ දෙපාර්තුමෙන්තුව විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත 51 වන සේනාංක මුලස්ථානය සහ 515 වන බලසේනා මුලස්ථානය මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.

මයිලඩි ධීවර වරාය අසල දී පැළ 150 ක් සිටුවීමේ පළමු ව්‍යාපෘතිය කෙටි සමාරම්භක උත්සවයකින් ආරම්භ විය.

මෙම වැඩසටහනේ දී එක් එක් යුද්ධ හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් විසින් රෝපණය කරන ලද පැළ අවුරුදු 03 ක් පුරාවට රැක බලා ගැනීමට ඔවුන්ටම භාරදිම සිදු කරන ලද අතර, යාපනය ප්‍රදේශයේ මෙසේ පැල 10,000 ක් රෝපණය කිරීමට බලාපොරොත්තු වේ.

 

Read more

Local News