කුඩු සමඟ අයෙක් දැලේ

Share

අද(13) දහවල් දංකොටුව නගරයේදි කොළඹ ප්‍රදේශයේ සිට දංකොටුව ප්‍රදේශයට ගෙන යමින් තිබූ හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 101 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

සැකකරු මත්කුඩු ප්‍රදේශ ගණනාවකට බෙදාහැර ඇති බවත් අත්අඩංගුවට ගත් මත්කුඩුවල වටිනාකම රුපියල් ලක්ෂ 12 ක් පමණ වන බවත් පොලීසිය කියයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දංකොටුව පොලීසියට බාරදී තිබේ.

Read more

Local News