සුදුසුකම් මත කැබිනට් අමාත්‍ය ධුර දිය යුතු බව ඉරාන් කියයි

Share

වත්මන් රජය තුල කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධුර 30කට සීමා විය යුතු වීම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පෙරමුණේද බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී අදහස වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී ඊයේ (17)  දින මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් ස්ථාපිත වුවහොත් වාද විවාද නොමැතිව රට ඉදිරියට ගෙන යා හැකි වනු ඇති බවයි.

එහෙත් එක්වීමට කැමැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ හෝ වෙනත් පක්ෂයක යමෙකු සිටී නම් මුදලට හෝ වරප්‍රසාදයන්ට නොව සුදුසුකම් මත ඔවුන්ට කැබිනට් මණ්ඩලයේ ධුර ලබා දුන්නාට කිසිදු  එරෙහිවීමක් සිදු නොකරන බවත්, එසේම තනතුරට පීලි පැන්න හෝ කුමන්ත්‍රණයට සම්බන්ධ වූ කිසිවෙකුට කැබිනට් මණ්ඩලයේ ඉඩක් නොමැති බවත් වික්‍රමරත්න මහතා එහිදී අවධාරණය කර සිටියේය.

Read more

Local News