පහේ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද

Share

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(17) නිකුත් කෙරේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දී ඇති බවයි.

මේ අනුව අද එම ප්‍රතිඵල ලේඛනය විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළ කරනු ඇත.

මෙම වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නැවත සමික්ෂණය සඳහා ඉදිරිපත් තිබු අභියාචනා සංඛ්‍යාව 35000 කට අධික බවටයි සඳහන් වන්නේ.

Read more

Local News