අවන්හලක ප‍්‍රබල පිපිරීමක් – 42ට තුවාල

Share

ජපානයේ නැගෙනහිර සපෝරෝ නගරයේ අවන්හලක ප‍්‍රබල පිපිරීමක් සිදුව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිපිරීමත් සමග ගින්නක් ද හටගෙන ඇත.

එහිදී තුවාල ලබා ඇති සංඛ්‍යාව 42කි. කෙසේ වෙතත් පිපිරීමට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත.

තවදුරටත් පිපිරීම් ඇති වනු ඇතැයි සැකය හේතුවෙන් ගිනි නිවන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට පියවර ගෙන අැති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News