ජනපති ප්‍රධානත්වයෙන් රාජ්‍ය නත්තල් උත්සවය මන්නාරමේ දී

Share

2018 රාජ්‍ය නත්තල් උත්සවය ‘සමිඳු උපතයි නත්තල් සිරියයි’ යන තේමාව යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(16) පස්වරුවේ මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

කැරොල් ගායනා ඇතුළු විචිත්‍රාංග රැසකින් රාජ්‍ය නත්තල් උත්සවය වර්ණවත් වූ අතර 2018 රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව පැවති නිර්මාණ තරඟවල ජයග්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

අපෝස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති අතිඋතුම් දේවධර්මාචාර්ය වින්සන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, මන්නාරම රදගුරු අති උතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමන් ඇතුළු පියතුමන්ලා සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන් රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News