ජනපතිගේ කථාවට නලීන් දොස් කියයි

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්විමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ කළ ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂයේ විරෝධයක් එල්ල වී තිබේ.

අද (17) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර හා මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන් එම ප්‍රකාශය විවේචනය කළේය.

එම මන්ත්‍රිවරුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් “අපි එකතු කරගන්නවා නම් එකතු කර ගන්නේ හොඳ මිනිස්සු විතරයි. ඩබල් ගේම් කාරයෝ. චෝදනා තියෙන අය භාර ගන්නේ නෑ. කණ්ඩායම් රැස්වීමේ අනුමැතියට යටත්ව තමයි එක් කර ගන්නේ.

අපිට බහුතරය තිබෙනවා. අපිට ආණ්ඩුවක් කරන්න පුළුවන්. ඉදිරි අවුරුදු එක හමාර ආණ්ඩුවක් කරන එක ප්‍රශ්ණයක් නෙමෙයි. අපි ජනතාවගේ සුබ සාධනය ගැනත් අවධානය යොමුකරනවා.

ජනපතිගේ ප්‍රකාශය ගැන කථා නොකරත් බෑ. ගම්මල මංගල උත්සව වල දෙපැත්තේ කට්ටිය කැඳවලා කථා කරනවා. මම දැක්කේ මනමාලියි මනමාලයයි මංගල සභාවට ගෙනල්ලා මනමාලයාගේ පැත්තෙන් කථා කරන මහත්තයා මනමාලයා විවේචනය කළා වගේ වැඩක් කියලයි මම හිතන්නේ.

නොගැලැපෙන වැඩක් තමයි කළේ කියලා මම හිතන්නේ. විවේචනය කළ යුතු අවස්ථාවක් නෙමෙයි. විවේචනය කළත් එය මේ විදිහට නොකළ යුතුයි කියන එකයි අදහස අගමැතිතුමා ජනාධිපතිතුමා ගැන වෛරයෙන් කථා කරන්නේ නෑ. අගමැතිතුමා නිශ්ශබ්දතාවයෙන් එතුමාගේ මහත්මා ගතිය පෙන්නුවා” යැයි පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහීම්ද සඳහන් කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ කථාව අඳෝනාවක් බවයි. ඒ අනුව ඔහුගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියට දැන් තවත් පොතක් ලිවිය හැකි බවත් පැවසීය

Read more

Local News