වාහන රියදුරන්ට පොලිසියෙන් නිවේදනයක්

Share

එළඹෙන උත්සව සමයේදී මහා මාර්ග හා පදික වේදිකාවන් අවහිර වන අන්දමට හා ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි නවතා තිබෙන වාහන පොලීසිය විසින් ඉවත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

රථ වාහන එවැනි ආකාරයට ගාල් කර තැබීමෙන් අනවශ්‍ය ආකාරයට රථ වාහන තදබදයක් නිර්මාණය වී ජනතාව අසීරුතාවයට පත්විම ‌‌මෙම තීරණය ගැනිමට හේතුව බවද ඔහු සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ අංක 1984 අංක 4 දරණ මෝටර් වාහන පනතේ 167 (04) හා (05) යන උප වගන්ති අනුව මෙම ඉවත්කිරීම් සිදුකරන බවයි.

මෙය දිවයිනේ සියලුම පොලිස් ස්ථානයන් විසින් ක්‍රියාත්මක කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read more

Local News