ගලකින් ගසා කතක් නසයි

Share

වීරකැටිය, හකුරුවෙල ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

බහින්බස්වීමක් දුරදිගයාමෙන් පුද්ගලයෙකු විසින් අදාළ කාන්තාවට ගලකින් පහරදී ඇත.

බරපතල තුවාල ලැබූ ඇය තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ හකුරුවෙල, බෝගමුව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News