නාමල්ගේ ජංගම දුරකථනයේ හොංකාෙං වාර්තාව එයි

Share

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ නාමල් කුමාර නමැත්තාගේ ජංගම දුරකථනය පිළිබඳව දත්ත වාර්තාවක් ලැබී ඇතැයි රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම පැමිණිල්ල අද(19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ නාමල් කුමාර නමැත්තාගේ ජංගම දුරකථනයෙන් මකා දමන ලද හඬපට සොයා ගැනීම සඳහා එය හොංකොං හි පිහිටි විශේෂ පරීක්ෂණාගාරයක් වෙත යොමුකර බවයි.

එම පරීක්ෂණාගාර වාර්තාව මේ වන විට තමන් වෙත ලැබී ඇතැයි සඳහන් කළ රහස් පොලිසිය එය අද දින තුළ අධිකරණය වෙත ලබාදෙන බවද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

නාමල් කුමාර නමැත්තාගේ ජංගම දුරකථනයේ තිබූ ඇතැම් හඬපට මකා දමා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වීමෙන් පසුව ඒවා යළි මතුකර ගැනීම සඳහා එම ජංගම දුරකථනය හොංකොං හි පිහිටි පරීක්ෂණාගාරයක් වෙත රහස් පොලිසිය මගින් අධිකරණයට යොමු කර තිබුණි.

Read more

Local News