තෙවැනි පියවර වශයෙන් සිදුවිය යුතු දෙයක් ගැන බිමල් කියයි

Share

පාර්ලිමේන්තු මැතිවරණයට යෑම තෙවැනි පියවර වශයෙන් සිදුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදිය.

පළමුව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදීම පළමුවත්, දෙවැනුව විධායකය අහෝසි කිරිමත්, තෙවැනුව ඡන්දයකට යෑම සිදුවිය යුතු බවත් මන්ත්‍රිවරයා පැවැසීය.

එසේම වත්මන් ජනපතිවරයා දැන් දුර්වල වී ඇති බවත් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරයත් ජනතා මතයත් නොමැති බව මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.

Read more

Local News