ගල්කිස්සේ වෙඩි තැබීමක්

Share

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන උතුර, ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ(20) වෙඩි තැබීමක් සිදු කර තිබෙන බව පොලීසිය පවසයි.

පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදු තිබේ.

ඒ අනුව සැකකරු ඊයේ සවස රිපීටර් වර්ගයේ තුවක්කුවක් සහ ජීව උණ්ඩයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 34 ක් වු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, නිවසේ දොරට පමණක් අලාභ සිදුව ඇත.

සැකකරු අද(21) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News