පුරාවස්තු කැණීම් කල 7ක් දැලේ

Share

නොච්චිකුලම, ආඩියාගල රක්ෂිතයේදී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොරවැව පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී සර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහය ඇතිව ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මහදිවුල්වැව, දෙහිඕවිට, කෙසෙල්වත්ත යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් හත් දෙනෙකි.

ඔවුන් අද(21) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News