නිතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි – 4ක් අත්අඩංගුවට

Share

යටියන්තොට පොලිස් වසමට අයත් වැලිහෙලතැන්න ප්‍රදේශයේ භුගතව ඉතා සුක්ෂම ලෙස පවත්වාගෙන ගිය නිතිවිරෝධි මත්පැන් ස්කාගාරයක් වටලා සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ(20) රාත්‍රියේ අත්අඩංගුවට ගැනිමට මස්කෙලිය පොලිස් විශේෂ කාර්යය බලකා කදවුරේ නිලධාරින් සමත්විය.

පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.

මෙම නිති විරෝධි මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු වෙළඳසැලක් පවත්වාගෙන යන මුවාවෙන් වෙළඳසැලට යාබදව භුගතව විශාල වලක් හාරා එම වල තුල කිසිවෙකුටත් නොපෙනෙන සේ විශාල බැරල් වළලා ජල නල ආධාරයෙන් නිෂ්පාදනය කරන නිති විරෝධි මත් පැන් ලබා ගැනිමට කටයුතු කර ඇත.

වසර 4 තිස්සේ මෙම නිති විරෝධි මත්පැන් ස්කාගාරය අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු විසින් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු විසින් නිෂ්පාදනය කරන ලැබු මත්පැන් යටියන්තොට ප්‍රදේශයට බෙදා හැර ඇති බවයි විශේෂ කාර්යය බලකායේ නිලධාරින් කියා සිටියේ.

මෙම වැටලිමේදි මත්පැන් පෙරිමට ගත් බැරල් දෙකක් සහ උපකරණ රුසක්, ගොඩා ලිටර 500 ක් පෙරා තිබු නිති විරෝධි මත්පැන් ස්ප්‍රිතු ලිටර් 75 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් සිව්දෙනා එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 41 ත් 56 අතර වයස් කාණ්ඩවල පසුවන බවත් එම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා යටියන්තොට පොලිසියට භාර දි තිබේ.

Read more

Local News