ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන හොයන්න අතුරු කමිටුවක්

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (21) දින පැවති සිය පළමු මාධ්‍ය හමුවේදීය.

ඒ මහතා වැඩ්දුරටත් අදහස් දක්වමින් “නිලවරණය කල්දානවද කියලා හරියටම කියන්න බෑ. අතුරු කමිටුවක් කොහොමත් එන්න ඉඩ තියෙනවා. ශ්‍රී ලංකාවම පිළිගන්න කෙනෙක් තමයි අතුරු කමිටුවේ පාලනයට ගේන්නේ. ඔහු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේත් (අයි.සී.සී.) පිළිගැනීම තියෙන කෙනෙක්” යැයි නව ක්‍රීඩා ආමාත්‍යවරයා පැවසීය.

“මම ලබන 26 හෝ 27 අන්තර්ජාතික ක්‍රිකට් සභාව මුණගැසෙන්න බලාපොරොත්තු වෙනවා. හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නිලවරණය පැවැත්වීමට පෙබරවාරි 09 දක්වා කාලය ලබාගෙන තිබුණා. ක්‍රිකට් දූෂණයෙන් තොර තැනක් කරන්න තව ටික කාලයක් ලබාගන්න ඕන” යැයි පැවසීය.

Read more

Local News