අකුරණ යට වෙයි

Share

ඊයේ (22) රාත්‍රියේ මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට වි තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් අකුරණ දුනුවිල පාරට සමගාමිව වහගල ඔය සහ අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඇල පිටාර ගැලීම නිසා මාර්ගයට ජලය ගලා ඇවිත් අකුරණ නගරයේ ඒ -09 මාර්ගය සහ දුනුවිල පාර ජලයෙන් යටව තිබේ.

අඩි හතරක් දක්වා නගරයේ ජලය දක්නට ලැබුණු අතර වෙළඳ සැල් 100 කට ආසන්න ප්‍රමාණයකට මෙමගින් හානි සිදුව තිබෙන බව වාර්තාවෙයි.

ප්‍රදේශයේ තව දුරටත් අධික වර්ෂාවක් ඇති වෙමින් පවතින බැවින් අවදානයෙන් සිටින ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

Read more

Local News