බන්ධනාගාර රැඳවියෙක් ගෙල වැලලාගෙන

Share

කුරුවිට බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු ගෙල වැලලාගෙන සියදිවිහානි කරගෙන තිබේ.

ඊයේ (22) සවස 6.35ට පමණ මෙම අනතුරු සිදු වු අවස්ථාවේදි  බරපතල තත්ත්වයේ සිටි තුවාලකරු රත්නපුර රෝහලට ඇතුලත් කිරීමේදි මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ පොලමුල්ල රුවන්වැල්ල ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 22ක් වු තරුණයෙක්.

ඔහුගේ මෘත ශරිරය මේ වන විට රත්නපුර රෝහලේ තැන්පත්කර ඇත.

මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට වන අතර මේ සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

Read more

Local News