අක්කර 500ක ගොයමක් නාවික හමුදාව සුරකියි

Share

මුන්දලම සියඹලන්කොටුව ජලාශයේ සොරොව්වක සිදුව තිබු ආපදාව කඩිනමින් සකස් කර දීමට නාවික හමුදා කිමිදුන්කරුවන් කටයුතු කිරීම නිසා අක්කර 500 ක ගොයම බේරා ගැනිමට හැකිවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එම්.එන් .කේ .අලහකොන් මහතා අද (23) පැවසිය.

සියඹලන්කොටුව ජලාශයේ වගා කර ඇති මසක ගොයම සඳහා ජලය ලබා ගැනීමට දකුණු සොරොව්ව විවෘත කිරීමට යාමේදි එහි සිදුවු දෝෂයක් හේතුවෙන් ජලය ලබා ගැනීමට සොරොව්ව විවෘත කිරීමට නොහැකිව තිබියදි ඒ බව සියඹලන්කොටුව ගොවි සංවිධානය මඟින් තාක්ෂණික නිලධාරි දේශාන් ධර්මසිරි මහතා දැනුවත් කර තිබුනි.

පසුව තාක්ෂණ නිලධාරිවරයා වයඹ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජීනේරු ඊ.එම් .කමල් විජයරත්න මහතා දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

ඉන් අනතුරුව දිස්ත්‍රික් වාරි මාර්ග ඉංජිනේරුවරයා පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය දැනුවත් කිරීමේන් පසුව එහි සහකාර අධ්‍යක්ෂ වරයා විසින් නාවික හමුදා මුලස්ථානය දැනුවත් කර මෙම දෝෂය සකස් කිරීමට අවශ්‍ය නාවික හමුදා කිමිදුම්කරුවන් ඉල්ලා ඇත.

පසුව අදාළ නාවික හමුදා කිමිදුම්කරුවන් දෝෂය සකස් කිරීමට කටයුතු කර තිබේ.

මේ හේතුවෙන් ජලය ලබා ගැනීමට නොහැකි අවදානමට මුහුන දී තිබු සියඹලන්කොටුව ජලාශයට අයත් අක්කර 500ක කුඹුරු යාය බේරා ගැනීමට හැකිවු බව දිස්ත්‍රික් වාරි මාර්ග ඉංජීනේරු කමල් විජයරත්න මහතා පැවසිය.

Read more

Local News