බස් රථයක ගැටී වන අලියෙකු මරුට

Share

පුත්තලම පොලිස් බල ප්‍රදේශයට අයත් සිරම්භිඅඩිය ප්‍රදේශයේදී අද(24) අළුයම සුඛෝපභෝගි මඟී ප්‍රවාහන බස් රථයක් වන අලි පැටවෙකුගේ ගැටීමෙන් සිදුවු අනතුරකින් වන අලි පැටියා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පැවසීය.

මන්නාරම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගැටී මෙම වන අලි පැටියා මියගොස් අැත.

අලි පැටවා බස් රථය ගැටීමත් සමඟ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මිටර් 50 ක පමණ දුරකට ඇදි ගොස් සෙල්ලන්කන්දල් රක්ෂීතයේ ඇති ගසක ගැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.

රියඅනතුරෙන් බස් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, බස් බස් රථයේ කොන්දොස්තරවරයාගේ එක් පාදයකට පමණක් සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ඔහු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලීසිය සඳහන් කළේය.

අනතුර සිදුවී ඇති ප්‍රදේශය හරහා වන අලින් නිරන්තර මාර්ගය හරහා මාරු වන ස්ථානයක් බවයි සඳහන් වන්නේ.

අනතුරින් මරණයට පත්වු වන අලිව පැටවාගේ පශ්චාත් මරණ පරික්ෂණය වනජීවි නිලධාරීන් විසින් සිදු කිරීමට නියමිතියි.

Read more

Local News