කැබිනට් අමාත්‍ය ධුර 32 ක් ?

Share

කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 32 දක්වා වැඩි කරගැනීමට ව්‍යවස්ථානුකූලව අවස්ථාවක් පවතින බව එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට හිමිවන අමාත්‍ය ධුරවලට අමතරව තවත් අමාත්‍ය ධුර 30ක් පත් කිරීමට හැකියාව පවතින බව අග්‍රාමාත්‍යවරයා දැනුම්දී තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය ලැබී නොමැති බව වාර්තා වෙයි.

Read more

Local News