ආණ්ඩුවට එරෙහිව අධිකරණයට යන බව රෝහිත කියයි

Share

කැබිනට් ඇමතිධුර සංඛ්‍යාව 30 පසුකර යෑමට උත්සාහ කළහොත් ආණ්ඩුවට එරෙහිව අධිකරණයට යෑමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව ඊයේ (24) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

අමාත්‍ය ධුර ලබා ගැනීමේ අරමුණින් ආණ්ඩු පක්ෂයත් සමඟ එකතුවූ පිරිසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පණිවිඩයක් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

මේ අතර ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ ද්විත්ව පුරවැසිභාවය ගැන තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනුතුරුව අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News